නිරෝධායන නීති යටතේ ආරුගම්බේ, සංචාරකයින්ට විවෘතයි....

අගෝ 22, 2021

    ආරුගම්බේ මුහුදු තීරයේ දියමත ලිස්සායෑම සඳහා පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට නිරෝධායන නීති යටතේ එම ක්‍රීඩාවේ යෙදීමට අවසරදීම ගැන ඔවුන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ප්‍රසාදය පළ කරයි.

    මාසයක කාලයක් ඔවුන් මෙරට රැඳී සිටිමට නියමිතයි. ආරුගම්බේ මුහුදු තීරයේ දියමත ලිස්සායෑමේ ක්‍රීඩාව සඳහා ලොව පුරා සංචාරකයන් සෑම වසරකදීම මේ කාලයේදී මෙරටට පැමිණේ.
    නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව සිටී. එහෙත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයමැදිහත් වී ඔවුන්ට මෙරට සිටීමට අවසර ලබාදීම පිලිබඳව හෝටල් හිමියන් මෙන්ම සංචාරකයන්ද සිය ස්තුතිය පුදකරයි.

    Latest News