දළඳා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

අගෝ 22, 2021

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද රාත්‍රී වීථි සංචාරය කෙරේ.

    පෙරහර රාත්‍රී 6.44ට යෙදෙන සුබ මොහොතින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් වැනි රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළේය. පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරනු ලැබුවේ, දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා විසින්.

    දෑල ඇතුන් ලෙස දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන්රාජා හස්තියා සහ කැළණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා ගමන් කළේය. අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී දළඳා මාළිගාවෙන් පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීථියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර පෙරහර පැවැත්වෙන්නේ ජන සහභාගිත්වයෙන් තොරවයි.

    Latest News