රූපවාහිනී සංවත්සරයට සමගාමීව ඩ්‍රීම්ලෑන්ඩ් (වීඩියෝ)

පෙබ 16, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 37 වැනි සංවත්සරයට සමගාමීව ගාල්ල, ධර්මපාල උද්‍යානයේ සංවිධාන කෙරුණු ඩ්‍රීම්ලෑන්ඩ් වැඩසටහන අද සවස සාර්ථකව නිමා විය.

    එය පැවැත්වුණේ. දරු-දැරියන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. දරුවන්ගේ මානසික සුවය නැංවීම සහ ඔවුන්ට විනෝදවීම සඳහා සුවිශේෂ අවස්ථාවක් ලබාදීම ඩ්‍රීම් ලෑන්ඩ් වැඩසටහනේ අරමුණයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල මහ නගර සභාව සහ ජාතික රූපවාහිනිය එක්ව සංවිධාන කළ වැඩසටහන අද උදේ ආරම්භ කෙරුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන්.

    ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මීට සහභාගි වූහ. මැලිබන් බිස්කට් සහ විෂන් කෙයා වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයන්. දරුවන් වෙනුවෙන් නර්තන, ගායන, නිවේදන, විනෝද ක්‍රීඩා ඇතුළු අංග ගණනාවක් සංවිධාන කෙරිණ. වැඩසටහන නිමාවූයේ සවස 4.00ටයි. ප්‍රදේශයේ පාසල් මෙන්ම, ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද මීට දායකත්වය ලබාදුන්නේය.

     

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 20:30

    Latest News