විෂ මත්ද්‍රව්‍ය ගෙනා සැකකරු මාට්ටු

පෙබ 16, 2019

    මධ්‍යම තැපැල් හුවමාරුවට ජර්මනියෙන් ලැබුණු විෂ මත්ද්‍රව්‍ය අඩංගු ටොපි වර්ගයක් සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

    පසුගිය වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා ජර්මනියේ සිට මෙරටට ලැබී ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ නම සඳහන් පුද්ගලයෙකුගේ වෙතටයි.

    ඒ අනුව රේගු දෙපාර්තමේන්තුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවට අනුයුක්තව සිටින රේගු නිලධාරියෙකුට මෙම විෂ මත්ද්‍රව්‍ය ඇතුලත් ටොපි පාර්සලය හමුවී තිබේ. ඒ අනුව පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර, මෙම ටොපි වර්ගය මෙරටට එවා ඇති අය අතුරුදන්ව සිට ඇති අතර 23 හැවිරිදි සැකකරු පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

    එහි විෂ මත්ද්‍රව්‍ය අඩංගු පෙති 523ක් තිබූ අතර එහි වටිනාකම ලක්‍ෂ 21කට ආසන්න බව රේගුව පවසයි.

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 20:30

    Latest News