වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය හෙට නිදහස් චතුරඝ්‍රයේදී

ඔක් 30, 2021

    අපවත් වී වදාළ කොළඹ,හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය, අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී, හෙට (31) ප.ව 2.30ට සිදු කෙරේ.

    උන්වහන්සේගේ ශ්‍රී දේහය ඉරිදා ප.ව 12.30 දක්වා මහජන ගෞරව පිණිස පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි තැන්පත් කර තැබේ. ශ්‍රී දේහය රැගත් ආදාහන පෙරහැර එදින ප.ව 12.30ට පිටත්ව කොළඹ - නුවර පාර,බේස්ලයින් මාවත,බොරැල්ල,කොළඹ 07 නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරඝ්‍රය වෙත පැමිණේ.

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය සජීව ලෙස විකාශය කරයි. සෙසු රූපවාහිනී සහ ගුවන්විදුලි ඔස්සේ ද ආදාහන පූජෝත්සවය සමගාමීව විකාශය කෙරේ.

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 10:39

    Latest News