අපවත් වී වදාළ කොළඹ,හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය, අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී, හෙට (31) ප.ව 2.30ට සිදු කෙරේ.

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබේ.

අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වෙති.

Latest News