බදු නොගෙවන ලද සිගරට් තොගයක් වටලයි

නොවැ 05, 2021

    අලෙවි කිරීමට ගබඩා කර තිබිය දී රුපියල් ලක්ෂ තුනකට වැඩි සිගරට් 3,800ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

    සුරාබදු ස්ථානාධිපති උපාලි ජයසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපනශාලාවක අලෙවි කිරීමට ගෙනවිත් තිබූ අදාළ දුම්වැටි තොගය, බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් රොහාන් විජේරත්න මහතාගේ උපදෙස් මත සුරාබදු අධිකාරි නිල් අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු පරීක්ෂක ලක්මාල් සේනානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිස විසින් අද උදෑසන මෙම වැටලීම සිදු කර තිබෙනවා.

    මෙම සිගරැට් තොගය ඉදිරි විමර්ශන සඳහා සුරා බදු ඒකකය සතුව තබා ගන්නා බවයි සඳහන් වන්නේ.

    Latest News