පාර්ලිමේන්තු වාර අවසානයට තීන්දුවක්

ඔක් 27, 2018

    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.

    අද මධ්‍යහන 12.00ට වාර අවසන් කෙරුණු පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 16 වැනිදා යළි කැදවීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබන නොවැම්බර් 16 වැනිදා පෙරවරු 10.00ට නව සැසිවාරය ආරම්භ කරනු ඇති.

    ජනාධිපතිතුමාගේ උපදෙස් මත සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරෙනු ඇති.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 13:38

    Latest News