සැප්තැම්බරයේ ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්

ඔක් 14, 2024

    2024 සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගැනීමට කමිදු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

    2024 මාර්තු මාසයේද කමිදු මෙම සම්මානය දිනා ගත්තා. ඒ අනුව මෙම වසර තුළ දෙවරක් මෙම සම්මානය දිනා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ කමිදු මෙන්ඩිස්.

    පසුගිය සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරු දෙකක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.

    ඒ කමිදු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරියයි. කමිදු සැප්තැම්බර් මාසයේ සහභාගි වූ ටෙස්ට් තරග 3 කදී ලකුණු 451ක් ලබා ගත්තා.

    කමිදුට හා ප්‍රභාත්ට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වි තිබුණා.

    Latest News