තවමත් පළමු එන්නත ලබා නොගත් සැලකිය යුතු පිරිසක්

නොවැ 24, 2021

    තවමත් පළමු එන්නත ලබා නොගත් සැලකිය යුතු පිරිසක් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යවරුන්ට හේමන්ත හේරත් මහතා පවසනවා.

    ඒ හේතුවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යෑම අවධානමක් පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

    මේ අතර ඉදිරි උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට ඊයේ බස්නාහිර පළාත තුළ ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී පුද්ගලයන් 23 193 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 20ට වැඩි ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීම සහ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීම දිස්ත්‍රික්ක රැසක දී අදත් ක්‍රියාත්මකයි.

    කෝවිල් ප්‍රතිශක්තීකරණ වැඩසටහන් යටතේ මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 30,018,325 ක් ලබාදී තිබෙනවා. 15,916,995 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර මාත්‍රා දෙකම ලබා ගත් පිරිසට 13,721,117ක්.

    Latest News