කාසල්රි ජලාශයටත් කෘතිම වැසි (ඡායාරූප)

මාර් 23, 2019

    කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කළ 'රේන් ෆොල් මිෂන්' rainfall mission දෙවන දිනයට අද (23) කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයේ සිදු කෙරිණ.

    ඊයේ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය සාර්ථකව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 'වයි12' ගුවන් යානය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලැබිණ.

    ලංකා විදුලි බල මණඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි කෘතිම වැසි ඇති කිරිමේ පේටන් බලපත්‍රයක් හිමි සමාගමක දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේ සිට කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතියට ක්‍රියාවට නංවා තිබේ. මෙම නියමු ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ දින 14 පුරා සිදු කිරිමට නියමිතයි. 

    05

    06

    02

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 11:55

    Latest News