“ඔමික්‍රෝන්“ වැළඳුණු තවත් තිදෙනෙකු මෙරටින්....(වීඩියෝ)

දෙසැ 22, 2021
  • ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය වැළඳුණු තවත් තිදෙනෙකු මෙරටින් හඳුනාගත් බව වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.

    ඔවුන් තිදෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඔමික්‍රෝන් නව වෛරස් ප්‍රභේදය, මුල්වරට හඳුනා ගැනුණේ දකුණු අප්‍රිකාවෙන්. මේ වනවිට රටවල් 90කින් පමණ එම වෛරස් ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වී තිබෙනවා. ඔමික්‍රෝන් ආසාදිත තවත් තිදෙනෙකු මෙරටින් හඳුනා ගනු ලැබ ඇත්තේ, වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ ජාන විශ්ලේෂණ පර්යේෂණ මගින්. ඉන් දෙදෙනෙකු පැමිණ ඇත්තේ සුඩානයේ සිටයි. අනෙක් පුද්ගලයා, ටැන්සානියාවෙ සිට පැමිණි අයෙක්. එම තිදෙනා ඉකුත් 16 සහ 20 යන දිනවල මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

    Latest News