"සියක් නගර" අවසන් අදියරට....

දෙසැ 30, 2021

    "සියක් නගර" සංවර්ධන ව්‍යාපෘතියේ වැඩසටහන් අවසන් අදියරට පැමිණ තිබෙනවා.

    වසර ගණනාවක් පුරා කිසිදු සංවර්ධනයකට ලක්නොවූ ප්‍රදේශ හා නගර ඉලක්ක කර ක්‍රියාත්මක මෙම වැඩසටහන "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ජනතාවට දුන් පොරොන්දුවක් අනුව ක්‍රියාත්මකයි.  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගෙ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින්.

    පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති මේ වන විට අවසන් කෙරෙමින් පවතිනවා. හලාවත - මාදම්පේ සතිපොළ සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ අවසන්. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 67 ක්. පුත්තලම - තෝප්පුව සංවර්ධන ව්‍යාපෘතිය ද අවසන් අදියරේ පවතිනවා. පදික මංතීරු සැකසීම, තණ පිඩලි ඇල්ලීම, මල් පැළ සිටුවීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මකයි. "සියක් නගර" සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික් 25 හිම සැලසුම් කෙරුණු ව්‍යාපෘති 30 ක කටයුතු අවසන් කර, කඩිනමින් ජනතා අයිතියට පත් කරන බව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 19:51

    Latest News