ඒ අනුව කලාප හතරකට වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව එම ලේඛනයේ සඳහන් වේ.
එම ලේඛනය ලංවීම නිල වෙබ් අඩවියේ ද පළ කර තිබේ.
සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වේ.