කවුඩුල්ල - කන්තලේ වාන් දමයි

ජන 11, 2022

    පොලොන්නරුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් වැව් කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන තිබේ.

    කන්තලේ වැවේ වාන්දොරුට 10න් හතරක් අඩිය බැඟින් විවෘත කළ බව වාරි ඉංජිනේරු පී.ආර්.වීරසූරිය මහතා පවසයි. එම දොරටුවෙන් තත්පරයකට ඝන අඩි 8000ක ජල ධාරිතාවක් නිකුත් කරන බව ද ඔහු කියා සිටියි.

    කන්තලේ වැවේ රඳවාගත හැකි ජල ධාරීතාව අක්කර අඩි 114000කි. දැන අක්කර අඩි 106000ක ජල ධාරිතාවක් පවතින බව ද ඉංජිනේරුවරයා කියා සිටියේය.

    කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දොළහෙන් දොරටු දෙකක් අඩිය බැඟින් විවෘත කළ බව කවුඩුල්ල ප්‍රධාන වාරි ඉංජිනේරු පුනර්ජි දඹෝරගම මහතා පවසයි.
    මේ වන විට කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 98,000 දක්වා ඉහළ ගොස් තිබේ. විවෘත කළ දොරටුවලින් තත්ත්පරයකට ඝන අඩි 630ක ජල ධාරිතිවක් පිට කෙරේ.

    Latest News