වසර 40 කට පසු රූපවාහිනී සංස්ථාවට ඉඩමේ අයිතිය

ජන 19, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටි ඉඩමේ නීත්‍යානුකූල අයිතිය රූපවාහිනී සංස්ථාව වෙත ලබා දී තිබේ.

    කොළඹ 07, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි හෙක්ටයර 3.37ක පමණ භූමියක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්ථාපනය කර ඇත. නමුත් 1982 සිට එම ඉඩමේ අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පවරා දී තිබුනේ නැත. එම ඉඩමේ අයිතිය සංස්ථාවට පවරා දීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් සියලුම පාර්ශවයන් විසින් එකඟතාව පළ කර තිබේ. ඒ අනුව අදාළ ඉඩම නිදහස් දීමනා පත්‍රයක් මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Latest News