එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ අගමැතිතුමා අතර හමුවක්....

ජන 19, 2022

    එක්සත් රාජධානියේ දකුණු ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙරටට පැමිණි රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා දින තුනක කාලයක් මෙරට රැදී සිටිනු ඇත. ඉහළ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්වලට අමතරව රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිතය.
    සංචාරක කර්මාන්තයට සහය පළ කිරීම, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කිරීම, විදේශ රැකියා අවස්ථා සහ අධ්‍යාපන ක්ෂේත්‍ර යේ දියුණුව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු විය. මුදල් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News