උඩවලවට රැගෙන ගිය ඇත් පැටවා යළි හිමිකරුට....(වීඩියෝ)

මාර් 02, 2022
  • මේ කතාවේ කතා නායකයා 2016 වසරේදී බුලත්සිංහල ප්‍රදේශයේ සිට උඩවලව ප්‍රදේශයට රැගෙන යනවා.

    විවිධ අත්දැකීම් ලැබූ මේ කතානායකයා ඊයේ නැවතත් බුලත්සිංහල ප්‍රදේශයට පැමිණෙන අයුරු දැකගත හැකිවුණා. නීති විරෝධි ලෙස ළඟ තබාගත් අලි පැටවෙකු බව සඳහන් කරමින් රැගෙන ගොස්, උඩවලව ජාතික ඇත් අතුරු සෙවණේ රඳවා සිටි බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හිමි ඇත් පැටවෙකු නැවතත් එම ව්‍යාපාරිකයාට ලබාදීමට අධිකරණය තීන්දු කළා.

    ඇත් පැටවාගේ හිමිකරුවා වන්නේ දයානන්ද බෝඹුවල මහතායි. අධිකරණ තීන්දුවට අනුව ඔහු ඇත් පැටවා ඊයේ තම ගම්මානයට වෙත රැගෙන එනු ලැබුවා. ඒ, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ. ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News