රාජාංගනය ඇඹුල් කෙසෙල් පිටරටට...(වීඩියෝ)

මාර් 26, 2022
  • රාජංගනය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක ඇඹුල් කෙසෙල් වගාවේ අපනයන කටයුතු ආරම්භ කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. සතියකට ඇඹුල් කෙසෙල් මෙට්‍රික් ටොන් 20ක් විදේශ වෙළෙඳපොළට ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. උතුරු මැද පළාත් කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවේ ආධාර මත ඇඹුල් කෙසෙල් වගා කෙරෙනවා. හෙක්ටයාර 430ක මෙම වගාව සිදු කෙරෙනවා. සාම්ප්‍රදායික ලෙස කෙසෙල් වගාව සිදු කළ ද, නිෂ්පාදන හා ගුණාත්මක භාවය පිළිබඳව පවතින ගැටලු හේතුවෙන් විදෙස් වෙළෙඳපොලට යොමු කිරීමේ ගැටලු පැණ නැඟුණා. ඊට පිළියමක් ලෙස දෙපේලි අධි ඝණත්ව කෙසෙල් වගාව හඳුන්වා දෙනු ලැබූ අතර, ඉන් ගුණාත්මක හා වැඩි අස්වැන්නක් ලබාගත හැකි වූ බවයි ගොවීන් පවසන්නේ.

    ඒ සඳහා බිම් සැකසීමේ සිට විදේශ වෙළෙඳපොළට යොමු කිරීම දක්වා පුහුණුව ලබාදීම ද ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙනවා. මේ වනවිට රාජාංගනයේ අක්කර 50ක පමණ අධි ඝණත්ව දෙපේලි ඇඹුල් කෙසෙල් ආදර්ශන 20ක් රාජාංගණයේ ස්ථාපනය කර

    Latest News