මොහු නමින් පී.විමල් කුමාර. 54 වැනි වියේ පසුවන විමල් කුමාර, පස්සර-ලුණුගල මහාමාර්ගය අද්දර නිවසක ජීවත් වනවා. විමල් කුමාර විදුලිය නිපදවාගෙන තිබෙන්නේ, කුඩා දිය පහරක් හරස්කොට ජල නලයක් සහ විදුලි පංකාවක්, බයිසිකල් රිම් එකක් සහ ඩයිනමෝවක් උපයෝගි කර ගනිමින්. තම නිවසට, කුඩා ව්යාපාරික ස්ථානයට අමතරව, නිවසේ සිට මීටර් සියයක් පමණ දුරින් පිහිටි බුදු කුටියට ද තමා විදුලිය ලබාදෙන බවයි, විමල් කුමාර පවසන්නේ....