අන්තර් ජාලයෙන් කේක් හදන අක්කා-නඟෝ...(වීඩියෝ)

මාර් 26, 2022
  • කොරෝනා වසංගත සමයේ දරුවන් නිවෙස් ගතවයි සිටියේ.

    ඉන් බහුතරයක් අධ්‍යාපනය ලැබුවේ අන්තර්ජාලය මගින්. අමිනා සහ ෆාතිමා අධ්‍යාපනය ලබන අතරතුර තවත් දැනුම සොයා ගියා. ඒ, කේක් නිර්මාණ සැකසීම පිළිබඳවයි. එකම පවුලේ සොහොයුරියන් වන මොවුන්ගෙන් වැඩිමල් සොහොයුරිය අමීනා ඉමිතියාස්, බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය ලබනවා. බාල සොහොයුරිය, ෆාතිමා ඉමිතියාස් කොටිකාවත්ත සෝමාදේවි බාලිකා විද්‍යාලයේ නවය වසරේයි, ඉගෙනුම ලබන්නේ. කොරෝනා වසංගතයත් සමඟ රට අඟුලු දැමීමෙන් පසුව නිවසට වී කාලය ගත කරන අතරතුර අමීනා ඉමිතියාස් කේක් නිෂ්පාදනය ආරම්භ කළා.

    ඒ, අධ්‍යාපනය ලබන අතරතුර අන්තර් ජාලය ඔස්සේ කේක් නිර්මාණය පිළිබඳ හැදෑරා තිබෙනවා. උපන්දින, විවාහ සංවත්සර ඇතුළු වර්ග රැසක් කේක් මොවුන් අතින් නිර්මාණය වනවා. කේක් ඇණවුම් 5ක් පමණ දිනකට ලැබෙන බවයි මෙම සොහොයුරියන් පවසන්නේ.

    Latest News