බිම්ස්ටෙක් මීළඟ සභාපතීත්වය තායිලන්තයට

මාර් 29, 2022

    බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (29) පැවැත්වීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් යුත් මෙවර බිම්ස්ටෙක් සමුළුව ඊයේ (28) කොළඹදී ආරම්භ විය.

    ඊයේ පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම අවසානයේ බිම්ස්ටෙක්හි මීළඟ සභාපතිත්වය දැරීමට නියමිත තායිලන්තය වෙත ශ්‍රී ලංකාව විසින් සිය සභාපති ධුරය භාරදී තිබේ.

    බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව හෙට (30) දිනයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 12:00

    Latest News