ඇමති ජී.එල්.පීරිස් බිම්ස්ටෙක් සමුළුව අමතයි

මාර් 29, 2022

    සාගර කේන්ද්‍ර කර ගනිමින් කලාපීය රටවල සහයෝගීතාව ගොඩනැගීම තුළින් ආර්ථික අවස්ථා රැසක් අත්කර ගත හැකි බව අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි. අද බිම්ස්ටෙක් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ දෙවැනි දිනය අදයි. සමුළුව පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මෙවර එහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

    මේ සඳහා බිම්ස්ටෙක් රටවල් හතේ නියෝජිතයින් රැසක් එක්ව සිටියි. බංගලාදේශය,භූතානය,ඉන්දියාව,මියන්මාරය,නේපාලනය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් ඊට අයත්. බිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් ටෙන්සිල් ලෙක්පෙල් මහතා ද සමුළුවට සහභාගී වී සිටියි.

    අද පැවති විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී විය.

    හෙට පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවේදී බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රගතිය පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතයි.  

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 12:19

    Latest News