විදේශ විනිමය දුෂ්කරතා නිසා නිසි කලට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වූයෙන් ඇතැම් ඖෂධ හිඟවිය. ඊට පිළියම් ක්‍රියාමාර්ග කිහිපයක් හඳුනාගෙන දැන් ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.
ඉන්දීය සහන ණය පහසුකම යටතේ ණයවර ලිපි විවෘත කොට ඖෂධ හා උපකරණ ඇණවුම් කිරීම ඉන් එකකි. දෙවනුව ඖෂධ මිලට ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක අරමුදල් ලැබී තිබේ. ඒ හැර අරමුදල් හෝ ඖෂධ සපයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අමාත්‍යාංශය සාකච්ජා කරමින් සිටියි.
හිඟ ඖෂධ හෝ ඖෂධ මිලදී ගැනීමට මුදල් හෝ පරිත්‍යාග කරන මෙන් විදේශීය ආයතන වෙත, විදේශීය සහ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත ආයාචනයක් කර තිබේ. දැනටමත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි, අමාත්‍යාංශය පවසයි.
රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැතැයි නිල මූලාශ්‍රයක් උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනය මේ කරුණු සළකා නිවැරදි විය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.