මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා..

පෙබ 01, 2019

    මත්ද්‍රව්‍යවලට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් සිටින බවත්, බන්ධනාගාරය තුල ඉඳලා ජාවාරම් කරන අයට බන්ධනාගාරය තුලම අද ඉඩකඩ ලැබී තිබෙන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය වගේම විනිසුරුවරුන්ගේ අවශ්‍යතා පිළිබඳවත් අපි සොයා බැලිය යුතු බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

    ඇය මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 500 වියදමින් ඉදිකිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය..

    මේ දැන් දුරකතන ඇමතුමක් ආවා වැලිකඩ බන්ධනාගාරයට සැරයන්වරයෙකු හෙරෝයින් අරන් ගිහිල්ලා, අහුවෙලා කියලා. අද බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා ජාවාරම් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දේශපාලඥයෝ ගෙදර යන්න පුළුවන් අපි ඕනිවෙලාවක ගෙදර යන්නත් ලැහැස්තියි. ඒත් අපි රට වෙනුවෙන් හරි දේ කරන්න ඕනි.

    අද දවසේ අපේ කාර්යය භාරය කරන්න ඕනි, අපි ශක්තිමත් වැඩ පිළිවෙලක් කරගෙන ආවා, ඒක ඔක්තෝම්බර් 26 වෙනිදා අපිව එලවන්න ආපු හින්දා පොඩ්ඩක් අඩපණ උනා. ඒ වැඩ පිළිවෙල නැවතත් ආරම්භ කරලා තියෙනවා. මත්කුඩු ජාවාරම ගැන අද සමාජය හුගක් දැනුවත් අද මුහුදු යන ධීවරයකුටවත් සැනසිල්ලේ යන්න නැහැ. මොකද මේ මත්කුඩු ප්‍රවාහනය මුහුද හරහාත් වෙනවා. අපි නැහැ කියන්නේ නැහැ මේවාට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා.

    අධිකරණයේ, පොලිසියේ, පැමිණිලි නඩු එන විදිහට අපිට සතුටු වෙන්න බැහැ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි වත්මන් අගමැතිතුමා යටතේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 12:04

    Latest News