"බුදුන්ගේ රස්තියාදුව"පොත මුද්‍රණය කළ සන්නස්ගල ඇතුළු දෙදෙනෙකුට ඇප

මැයි 20, 2022

    "බුදුන්ගේ රස්තියාදුව" නමැති පොත මුද්‍රණය කර බෙදා හැරීම තුළින් බුදු දහමට සහ බුදුරජාණන් වහන්සේට අපහාස සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දේශක උපුල් ශාන්ත සන්නස්ගල සහ එම කෘතියේ කර්තෘ ශ්‍රීනාත් චතුරංග යන අය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

    මීට පෙර අධිකරණය විසින් නිකුත්කළ නොතීසියකට අනුව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ පෙනී සිටියේය. 
    ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයාවරයා නියම කළේය. 
    "බුදුන්ගේ රස්තියාදුව" නමැති පොතක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් බුදු දහමට සහ බුදුරජාණන් වහන්සේට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් 2018 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපති උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

    Latest News