පෙට්‍රල් නෞකාව දිවයිනට පැමිණීම ප්‍රමාද වෙයි

ජූනි 23, 2022

    අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවත් දිනයකින් පමණ ප්‍රමාද වන බව වාර්තාවේ.



    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඒ බව පවසයි.

    ඒ අනුව අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමාසහිතව බෙදාහරින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    කෙසේ නමුත් ඔටෝ ඩීසල් සාමාන්‍ය පරිදි බෙදාහැරීම සිදුකරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

     

    Kanchana.jpg

     

     

    Latest News