ඉන්ධන ගැන සාකච්ජාවට කංචන කටාර් යයි

ජූනි 27, 2022

    ඉන්ධන ආනයනය සඳහා සාකච්ජා කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිතයි. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ද මෙම සංචාරයට එක්වනු ඇති.

    මෙම සංචාරයේ දී කටාර් අග්‍රාමාත්‍ය තමීම් බින් හමඩ් අල් තහානි මහතා හමුවී සාකච්ජා කිරීමට නියමිතයි. මීට අමතරව, අමාත්‍යවරයා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් හමුවී සාකච්ජා කිරීමට බලාපො‍රොත්තු වෙයි. 

    ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් අමාත්‍ය කංචන විජේසේකර මහතා කුවේට්හි සංචාරයක නිරත වීමටද නියමිතයි. 

    Last modified on සදුදා, 27 ජූනි 2022 11:25

    Latest News