අගමැති ෆුමියෝ කිෂිඩාගේ පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ජයග්‍රහණය අත්කරගනු ඇතැයි, ජනමත විමසුම් ප්‍රතිඵල පෙන්නුම් කරනවා. හිටපු අගැමැති ෂින්සෝ අබේගේ ඝාතනය සමස්ත මැතිවරණ ක්‍රියාදාමය සසල කළ අවස්ථාවක්.
පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 125 සඳහා අද ඡන්ද විමසීම සිදු කෙරෙනවා. ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට ආසන 69ත් 83ත් අතර සංඛ්‍යාවක් හිමිවනු ඇතැයි, ජනමත විමසුම් ප්‍රතිඵල දැක්වෙනවා. අවසන් නිළ ප්‍රකාශය හෙට උදේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. මැතිවරණ ව්‍යාපාරයේ අවසන් අදියරේදී ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂ හිටපු ප්රබලයෙකු වූ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනයට ලක්වුණා. ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව, පොලිසිය පිලිගෙන තිබෙනවා.