මොරගහකන්දෙන් කළු ගඟ ජලාශයට ජලය පිරේ

නොවැ 20, 2018

    මොරගහකන්ද-කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයට ජලය පිරවීම ආරම්භ කර තිබේ. පවතින වර්ෂාව සමඟ එය කඩිනමින් පිරවීමට අපේක්‍ෂිතයි.


    මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සහ වාරි පද්ධතිය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 23,000ක්. කළු ගඟ ජලාශයේ ඉදිකිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, පාරිසරික කටයුතු සහ වන්දි ලබාදීම සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 60,000ක් වේ. පැරණි ලග්ගල නගරය ජලාශයට යටවේ.

    එහි පැවති රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර ආයතන, නව ලග්ගල නගරයේ ස්ථාපනය කර නවීන ලෝකයට ගැලපෙන ආකාරයට ඉදි කෙරේ. එහි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතී.

    ජලාශය ඉදිකිරීමෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීම අවසන් කර තිබේ. මීට අමතරව, සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධනය සහ අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක කර්මාන්ත ශාලාවක් ද ඉදිකිරීමට නියමිතයි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News