අය-වැය දෙවන වර කියවීමේන් විශිෂ්ට ජයක්

මාර් 12, 2019

    2019 මුදල් වර්ෂය සඳහා වූ අය-වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් රජය ජයග්‍රහණය කර තිබේ.

    අයවැයට පක්‍ෂව ඡන්ද 119ක් ලැබුණු අතර, විපක්‍ෂව ඡන්ද 76ක් ලැබී ඇත. දෙවැනි වර කියවීමේ විවාදය අවසන්වීමත් සමඟ විපක්‍ෂයෙන් ඡන්දයක් ඉල්ලා සිටියේය. ඒ අනුව, නාමිකව ඉලෙක්ට්‍රොනික ක්‍රමය යටතේ ඡන්ද විමසීම සිදු කෙරිණ.අය-වැයට පක්‍ෂව එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළේය.

    ලංකා කම්කරු කොංග්‍රසය ද අය-වැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර මන්ත්‍රීන් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියේය.

    ඒ අනුව, 2019 අය-වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43කින් රජය ජයග්‍රහණය කළ අතර, හෙට දිනයේ සිට අය-වැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා විවාද ආරම්භ වේ. එහි අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 18:37

    Latest News