වොෂිංටන් සම්මුතිය කොළඹදී

මාර් 12, 2019

    එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පෙළේ සැසිවාරයක් මැයි මස 22 වැනි දින සිට ජුනි 03 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

    එය හඳුන්වා ඇත්තේ “ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් සංරක්‍ෂණය කිරීම සහ වෙළෙඳාම පිළිබඳ සම්මුතිය“ ලෙසයි. රටවල් 183ක නියෝජිතයින් 3,500කට අධික සංඛ්‍යාවක් එම සැසිවාරයට සහභාගි වේ.

    අමෙරිකාවේ වොෂිංටන් හිදී 1973 වසරේ ආරම්භ කෙරුණු මෙම සැසිය, වොෂිංටන් සම්මුතිය ලෙස හැඳින්වේ. වසර 3කට වරක් පවත්වන සමුළුව මීට පෙර සංවිධාන කෙරුණේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේදී.

    ඒ, 2016 වසරේදී. සමුළුවේ පාර්ශවකරුවන්ගේ සැසිවාරය මෙවර පැවැත්වෙන්නේ 18 වැනි වරටයි. එක්-එක් රටවලට ආවේනික වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාක සංරක්‍ෂණය කිරීම, ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම, අන්තර් ජාතික වශයෙන් වැදගත් පනත් කෙටුම්පත් සම්මත කරගැනීම සහ නීති-රීති පද්ධති සැකසීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා...

    “මං හිතන්නේ මේක ලංකාවට ලොකු ගෞරවයක්. එක පැත්තකින් අපේ ස්වභාව ධර්මය ආරක්‍ෂා කිරීමත්, අපේ වඳවී යන සත්වයන් ආරක්‍ෂා කිරීමත් සමඟම ලංකාවේ සංචාරක ක්‍ෂෙත්‍රයත් අපට දියුණු කරන්න පුලුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ස්වභාව ධර්මයත් ආරක්‍ෂා කරනවා. අනෙක් පැත්තෙන් අපේ සංචාරක ක්‍ෂෙත්‍රයත් දියුණු කරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

    Latest News