උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සහ අනිද්දා

අගෝ 19, 2022

    2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරික්ෂණ සඳහා සහභාගී නොවූ අපේක්ෂකයින්ට අද (19) සිට නැවත එම පරීක්ෂණ ආරම්භ වන බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ, හෙට (20) සහ අනිද්දා (21) දිනවල ද අදාළ ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වෙන බවයි.

    ඉන්ධන අර්බුදය සහ ඇතිවූ ගැටළුකාරි තත්ත්වයන් හේතුවෙන්, සිසුන්ට ප්‍රායෝගික පරික්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වූ බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පෙන්වා දෙයි.

    ඔහු පැවසුවේ , අදාළ පරීක්ෂණ අවසන් කර, තවත් සති දෙකකින් උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවයි.

    Latest News