රාජ්‍ය ආයතනවල වැඩ අනිද්දා සිට සුපුරුදු පරිදි

අගෝ 23, 2022

    සියලුම කාර්ය මණ්ඩල කැඳවා රජයේ ආයතන අනිද්දා (25 ) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න පවසයි.

    රජයේ ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ජුනි 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක වන්නේ හෙට (24 ) දක්වා පමණයි.

    මේ වනවිට ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවාවන් ද යථා තත්ත්වයට පත් විය හැකි බැවින් මෙලෙස රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පසුගියදා චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබිණි.

    Latest News