කජීමාවත්තේ නිවාස ගිනිගැනීම් සම්බන්ධව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට...

ඔක් 11, 2022

    මෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රිතව නිරන්තර ගිනිගැනීම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත් කෙරුණු අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ‍වෙත ඊයේ (11) බාරදෙනු ලැබුවා.  

    ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.  එම වතු නිවාස ආශ්‍රිතව අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ගිනි ගැනීම් 3 ක් සිදුවූ අතර, පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් වුණා. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා, එම නිවාස ආශ්‍රිත ගිනිගැනීම්වලට හේතුව සහ එහි පදිංචිකරුවන් පිළිබඳව සොයා බැලීමට මෙම කමිටුව පත් කළා. 

    එහි සභාපතිවරුන් ලෙස පත් කෙරුණේ, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ සම සභාපති මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්.  ඉකුත් සතියේ රැස්වූ කමිටුව නිවාස පෙළේ අයිතිය, පරිහරණය, පදිංචිකරුවන් එහි පැමිණි ආකාරය, මේ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ පසුගිය කාලයේ ගිනිගැනීම්වලට හේතු විමර්ශනය කළ අතර, ඒ අනුව සකස් කෙරුණු අවසන් වාර්තාවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවා.

    Latest News