මෙවර මහ කන්න සඳහා යූරියා පොහොර සියලුම දිස්ත්‍රික්ක වෙත

ඔක් 12, 2022

    මෙවර මහ කන්නයේ වී වගාවේ පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීම, ආරම්භ කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ පැවති ප්‍රගති සාමාලෝචන රැස්වීමකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියා.

    ගොවි සංවිධානවල ඉල්ලීම් පරිදි යූරියා පොහොර තොග, ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත යැවීමට රජයට අයත් “කොමර්ෂල් පොහොර සමාගම” සහ “ලංකා‍ පොහොර සමාගම” මගින් පියවර ගෙන තිබෙනවා. මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටයාර අට ලක්ෂ 14,678 ක්. සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 10 දක්වා කාලය තුළ කොළඹ - කොමර්ෂල් පොහොර සමාගම දිස්ත්‍රික්ක 7 කට යූරියා පොහොර මෙට්‍රික්ටොන් 11, 283 ක් බෙදා හැර තිබෙනවා. ලංකා‍ පොහොර සමාගම බෙදා හැර ඇති පොහොර තොගය මෙට්‍රික්ටොන් 11, 698 ක්. මෙවර මහ කන්නයේ ද පසුගිය යල කන්නයේ මෙන් කිලෝ ග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,000 ක මුදලකට ගොවීන් වෙත ලබා දීමටයි, පියවර ගෙන ඇත්තේ. එක් එක් දිස්ත්‍රික්ක අනුව හෙක්ටයාරයක් සඳහා පොහොර කිලෝ ග්‍රෑම් 176 සිට 230 දක්වා ලබා දීම ක්‍රියාත්මකයි.

    Latest News