යූරියා - ග්රැවනියුලා පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් සහිත නැවක්, ඊයේ රාත්‍රී කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ලෝක බැංකු ණය යටතේ මෙට්‍රික් ටොන් 22,000ක යුරියා පොහොර තොගයක් රැගත් තවත් නෞකාවක් අනිද්දා (14) කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 ක් රැගත් පළමු නෞකාවේ පො‍හොර ගොඩබෑම් මේ  වන විට ආරම්භ කර තිබෙනවා.

මහ කන්නය සඳහා ඇණවුම් කරන ලද යූරියා පොහොරවලින් මෙට්‍රික්ටොන් 12,500 ක් මෙම මස 25 දින ශ්‍රී ලංකාවට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යූරියා පොහොර සියලු ගොවිජන ‍සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා.

මෙවර මහ කන්නයේ වී වගාවේ පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීම, ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමි වූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස රැගත් නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඊට යූරියා මෙට්ට්‍රික් ටොන් 21,000ක් අයත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

‍ඉන්දීය රජය ලබා දුන් යූරියා පොහොර, මෙරට වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් සඳහා යෙදවීමේ කිසිඳු ගැටලුවක්  නැතැයි, මෙරට රසායනාගාර පරීක්‍ෂණවලින් තහවුරු වි තිබේ.

Latest News