කුකුල් මස් මිල අඩුවෙයි

ඔක් 21, 2022

    කුකුළු මස් මිලෙහි යම් අඩුවීමක් පෙන්නුම් කරන බව, වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

    ඒ අනුව, රුපියල් 1,500 ක්ව පැවති කුකුළු මස් කිලෝව රුපියල් 1,080 ක් දක්වා පහළ බැස ඇති බවයි, වාර්තා වන්නේ.

    මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, මීට පෙර බොහෝ පිරිසක් කුකුළු මස් මිලදී ගැනීමේ අඩුවීමක් පෙන්නුම් කළ බව, සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. ඇතැම් අවස්ථාවල ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ද වෙළෙඳපොළෙහි කුකුල් මස් සහ බිත්තරවල මිල ගණන් ඉහළ ගොස් තිබුණා.

    මිල අඩු වීමත් සමග මේ වන විට කුකුළු මස් අලෙවියේ යම් වැඩිවීමක් දැක ගත හැකි බව, වෙළෙඳුන් පවසනවා.

    Latest News