ගමට ඇතුලු වූ යෝධ කිඹුලා අල්ලයි (වීඩියෝ)

ඔක් 21, 2022
  • මඩකලපුව කන්නකිපුරම් ගමට ආ විශාල කිඹුලෙකු ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වනජීවි නිලධාරීන් විසින් අල්ලා අභය භූමියට නිදහස් කර තිබේ.



    මඩකලපුව මන්මුනේ දකුණ එරුවිල් පත්තුව ප්‍රාදේශීයලේකම් බල ප්‍රදේශයේ මහිලුර් කන්නකිපුරම් ග්‍රාමයට ඊයේ සවස පැමිණි යෝධ කිඹුලෙකු මෙසේ ඉවත් කර තිබේ.

    ආදී 8ක් පමණ දිග මෙම යෝධ කිඹුලා ගල් ඔය අභයභූමියේ පිහිටා ඇති සේනානනායක සමූද්‍රයට මුදා හැර තිබ්.

    මඩකලපුව කලපුවේ හා යාබද ඇති කුඩා වැව්වල සිටින කිඹුලන් නිසා මසුන් ඇල්ලීමට යන ධීවරයින් හා ගැමයන්ට පහරදීම් සිද්ධියන් පසුගිය කාලයේ වැඩිවී ඇත.

    පසුගිය බ්‍රහස්පතින්දා එම ප්‍රදේශයේ වැවෙන් ග්‍රාමයට මේ කිඹුලෙකු රිංගා ඇත. මේ සම්බන්ධව වන ජීවී සංරක්ෂණ කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් එම ප්‍රදේශයේ ජනතාවගේ සහය ඇතිව කිඹුලාව අල්ලා ඇත.

    Latest News