ආදායම පදනම් කර ගත් විධිමත් මූල්‍ය ස්ථායිකරණයක් හා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට ඉන් යෝජනා කර තිබෙනවා. මූල්‍ය ආයතන සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, වියදම ආවරණය වන ආකාරයේ බලශක්ති මිල ක්‍රමයක් හඳුන්වාදීම හා රජය සියලු අත්‍යවශ්‍ය වියදම් දැරීමට ශක්තිමත් තත්වයකට ගෙන ඒම යන කරුණු මූලික වශයෙන් ඇතුළත්. රජ්‍ය ණය තිරසරභාවය ස්ථාපනය කිරීම හා රජයේ මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාවර ලෙස මුදල් ලැබීමට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියක් හඳුන්වාදීමට යෝජිතයි.
මිල ස්ථායිකරණ යාන්ත්‍රණයක් බහුවිධ ආකාරයේ ක්‍රමෝපාය යටතේ හඳුන්වාදීම හා නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමවේදයක් පවත්වා ගනිමින් විදේශ සංචිත නංවාලීම සිදු
කළ යුතුයි. උද්ධමනය නිසා විශේෂයෙන් දිළිඳු ජන කොටස් මත ඇති වන බර, අඩු කරලීම සඳහා ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතු වනවා. ආයෝජන සඳහා හිතකර පරිසරයක් හා ශ්‍රී ලංකාවට සිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විදේශයන්ගෙන් මිලදී ගත හැකි වන පරිදි ආර්ථික වර්ධනය තහවුරු කිරීම වැදගත් වනවා. දැනට ක්‍රියාත්මක ආනයන සීමා ක්‍රමයෙන් අඩු වන පරිදි ඉවත් කරලීමේ යෝජනාවක් ද මීට ඇතුළත්.
එමෙන්ම, දූෂණ පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල ව පරිදි ශ්‍රී ලංකාව, සිය දූෂණ විරෝධී නීති රාමුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අන්තර් ජාතික මූල්‍ය අරමුදල විසින් අවධාරණය කරනු ලැබ තිබෙනවා. රජයේ ආදායම ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රගතිශීලී බදු ක්‍රියාමාර්ග හරහා ආයතනික, පුද්ගලික ආදායම් බදු සහ ධන බදු ක්‍රියාත්මක කිරීම තුළින් වසර 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කයක් හඳුන්වාදී තිබෙනවා.
ඊට අමතරව, රාජ්‍ය වියදම් කළමනාකරණය, සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම, බලශක්ති මිලකරණය, ණය කළමනාකරණය, මිල ස්ථාවරත්වය හා මුදල් ප්‍රතිපත්තිය, මූල්‍ය අංශයේ ස්ථාවරභාවය හා වර්ධනය නංවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යන මාතෘකා යටතේ ද යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා.