පළමු වාරිකය ඉදිරි දින කිහිපයේදී...

මාර් 21, 2023

    ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 ක්, ඉදිරි දින දෙක තුළ පිරිනැමෙන බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ  කරනවා.

    අයි එම් එෆ් විධායක මණ්ඩලය, ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9:45 ට පමණ සම්මත කළා.  අයි එම් එෆ් විධායක මණ්ඩල සැසි වාරය පැවැත්වුණේ, ‍අමෙරිකාවේ - වොෂින්ටන් අගනුවර පිහිටි එම සංවිධාන මූලස්ථානයේ දී. ඒ අනුව, මාස 48ක කාලයක් තුළ  අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න මූල්‍ය පහසුකමක්, ශ්‍රී ලංකාව වෙත පිරිනමනු ලබනවා.

    ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා මූල්‍ය ප්‍රතිසංස්කරණ  ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහායි. අයි එම් එෆ් විධායක මණ්ඩල තීරණය නිල වශයෙන් දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක්, ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 8.00 ට  පමණ "අයි එම් එෆ්" මූලස්ථානයේ දී පැවැත්වුණා. ඒ, අයි එම් එෆ් ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර් සහ ශ්‍රී ලංකාවේ අයි එම් එෆ් නියෝජිත මසාහිරො නොසාකි  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    Latest News