ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද, නැතහොත් ද්වීපාර්ශ්වික සාකච්ඡා මගින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශ්ව අවසන් තීරණයක් ගනු ඇති බවයි.
අන්තර්ජාතික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට එළඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවසන් නිගමනයකට එළඹෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ස්වෛරී ණය හිමියන් සමග මූලික වශයෙන් අමෙරිකානුඩොලර් බිලියන 7.1 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමටයි, නියමිතව ඇත්තේ.