පොල් වගාවට හානිකරන සුදු මැස්සාට සාර්'ථක ප්‍රතිකාර ක්‍රමයක්

අප්‍රේ 12, 2023

    පොල් ගසට වැලදී ඇති සුදු මැස්සා උවදුර සඳහා සාර් ථක ප්‍රතිකාර ක්‍රමයක් පොල් සංවර්ධන අධිකාරිය සොයා ගෙන තිබෙනවා.

    ප්‍රතිකාර ක්‍රමයට පාදක වී ඇත්තේ, දුමාර ක්‍රමයක්.  සුදු මැස්සා උවදුර මෙරට පොල් වගාව වැලදීම ආරම්භ වූයේ, 2020 වසරේ සිටයි. මේ වන විට පොල් වගාවෙන් 20% ක් පමණ මේ උවදුරට ගොඳුරු වී අවසන්. පොල් කර්මාන්තය, මෙරට ප්‍රධානතම වැවිලි කර්මාන්තවලින් එකක්. ඉන් වාර් ෂිකව උපයන අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයක්.

    මෙම උවදුර පොල් වගාවට තවදුරටත් බලපානු ලැබුවහොත්, රටට ලැබෙන විදේශ විනිමයෙන් විශාල ප්‍රමාණයක් අහිමි වීමේ ප්‍රවණතාවක් පවතිනවා. මෙම සුදු මැස්සා වඳ කිරීමට අසීරු තත්වයක් නොවන බවත්, වතුරෙන්, කොහොඹ තෙල් මිශ්‍ර ජලයෙන් හා සබන් දියරයෙන් විනාශ කළ හැකියි. එහෙත්, ගැටලුව වී ඇත්තේ, දිනකට එක් අයෙකුට ජලය ඉසිය හැක්කේ, ගස් 20 කට පමණ වීමයි.

    මේ වන විට, මිලියන ගණනක් මෙම උවදුරට ලක්ව තිබෙනවා. එම සියල්ලට කඩිනම් ප්‍රතිකාර කිරීම පවතින ක්‍රමය යටතේ සිදු කළ නොහැකියි. නමුත්, පොල් සංවර්ධන අධිකාරියෙන් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය මගින් පැය භාගයකට පමණ කාලයකින් අක්කර පහක පමණ ගස්වල සුදු මැස්සා මර්දනය කළ හැකියි.

    මෙම ප්‍රතිකාර ක්‍රමය පෞද්ගලික පොල්වතු සඳහා යොදා ගැනීමට ද ක්‍රමවේදයක් කඩිනමින් සිදු කෙරෙනවා.

    Latest News