රුපියලේ අගය ශක්තිමත් වේ

මාර් 22, 2019

    මසකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (22) ඉහළ ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.78 ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල රුපියල් 175.93ක් ලෙස දැක්විණි.

    ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය විය.

    පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය. මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු එක්සත් ජනපදයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 183ත් 179ත් අතර දැක්වුණු අතර එක් අවස්ථාවකදී පමණක් විකුණුම් මිල රුපියල 178 ක් ලෙස දැක්විණි.

    රොයිටර් පුවත් සේවයට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 16% කින් අවප්‍රමාණය වී තිබෙන අතර මේ වසරේ දක්වා කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.64 % කින් ඉහළ ගොස් තිබේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.2 % කින් ඉහළ ගොස් ඇත.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 10:27

    Latest News