ඒ අනූව,ඇසළ පොහොය ලබන මස 01 වැනි දිනට යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවුයේ ඇසළ පුර පසළොස්වක පොහො දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි මහා අභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන් පොහෝ දිනකය.
බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්ම දේශනය මෙන්ම සංඝ ශාසනයේ ආරම්භය සිදුවුයේ ද ඇසළ පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
බෞද්ධ ඉතිහාසයේ සඳහන් මෙම සිදුවීම් මුල්කර කරමින් ඇසළ පොහොය සමරනු ලබන්නේ අගෝස්තු 1 අඟහරුවාදාට යෙදෙන ඇසළ පුර පසළොස්වක් පොහොය දිනටයි.
‘අධි පසළොස්වක’ යනු,
ශ්‍රී බුද්ධ වර්ෂ 2553ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ‘බුදුසරණ’ පත්‍රයට ‘අධි පොහොය යනු කුමක්ද?’ යන මැයෙන් ලිපියක් සම්පාදනය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමිව වැඩ හුන් බෙල්ලන ඤාණවිමල මහනාහිමියෝ ඒ පිළිබඳව ඉතා පැහැදිලි විග්‍රහයක් මෙසේ කර තිබිණි:
“එකල විසූ මනුෂ්‍යයාට වසර සිය ගණනක් ගණන් කිරීමට අවශ්‍ය වූයේ හඳ පෙනෙන වාර ගණන එකතු කිරීමෙනි. පුරසඳ ගණනින් මාස ගණන් ගැනිණි. පුර සඳ දොළහක් ගත් විට වසරක් ලෙස ගණනය කැරේ. සූර්ය මාස ගණන් කිරීම ඇරැඹීමෙන් පසු මෙහිදී ඊට වඩා වැඩියමක් කිරීමට සිදු වී ඇත. පුර සඳ දොළහක් ගත වූ විට දින 354ක් හෝ දින 355ක් ගත වී ඇත. සූර්යා වටා පෘථිවිය ගමනයට දින 365ක් සහ දින 1/4ක් වැය කැරේ.
මේ ගමනාගමනයට සම්මත කාලය බෙදීමක් අවශ්‍ය හෙයින් ඉහත කී අයුරින් වැඩි වන දින කිහිපය ‘අධික මාසය’ යැයි නම් කර එක් වසරකට එක් කරනු ලැබේ. සාමාන්‍ය වශයෙන් වසරකට පසළොස්වක පොහොය දොළහකි. එම පොහොය දොළහට නම් දොළහකි. වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, දුරුතු, නවම්, මැදින්, බක් එම පොහොය දොළහ හැඳින්වෙන මාස වේ. අධි පසළොස්වක යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි. බුදු සිරිත ප්‍රධාන ඓතිහාසික ශාසනික සිදුවීම් මුල් කරගෙන පොහොය දොළහ හැඳින්වේ. එහෙත් අධි පසළොස්වක පොහොය එබඳු ඓතිහාසික සිදුවීමකට සම්බන්ධ නොවේ.’’ (බුදුසරණ, 2010.4.28).
මේ අතර, කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 19 වැනි දින ආරම්භ වු රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික උත්සවයට සමාගාමීව පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍ය හෙට (04) පෙරවරුවේ මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් වීමට නියමිතයි.