මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් සහ ජනපති අතර සාකච්ඡා

ජූලි 29, 2023

    මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමුවුණා.

    ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මානව හිමිකම් ‍කොමිෂන් සභාවට, මහජන පැමිණිලි 11,000 ක ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව, එහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණා. එම කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමට කාර්ය මණ්ඩලයේ හිඟය ගැටලුවක් වී ඇති බවයි, ඔවුන් සඳහන් කළේ.  ඊට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව පැවසූ  ජනාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන් සහ පොලිසියට අවශ්‍ය මා‍ර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස, එම කොමිසමෙන් ඉල්ලා සිටියා. එමගින් ලැබෙන පැමිණිලි අවම කර ගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

    Latest News