එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතයි.
ජනාධිපතිවරයා හෙට දිනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බැවින් එළඹෙන සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (12) පස්වරුවේ කැඳවා තිබූ බව වාර්තා විය.
එහිදී රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර කැබිනට් පත්රිකා කිහිපයක් සඳහා ද අනුමැතිය ලබාගෙන තිබේ.