සා.පෙළ සිසුන්ට දැනගත යුතුම කරුණක්

ජූලි 06, 2024

    2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ඒ, අපේක්ෂකයින් 169,007 දෙනෙකු ඊට සුදුසුකම් ලබා තිබෙනවා.

    සෞන්දර්ය විෂයෙහි අවසන් ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි කර ගන්නා බැවින් ඒ සඳහා පෙනී සිටීම අනිවාර්යය වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

    කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහා එම විෂයට අදාළ ප්‍රතිඵල ලබාදීම සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    E 01

    Latest News