කතරගම පෙරහැරේ අලි කුලප්පුව

ජූලි 07, 2024
    ඊයේ (06) දින ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පු වී තිබෙනවා.

    ඒ හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පවසනවා.

    එම අලියා කුලප්පුවීමත් සමග පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් කලබලවීම හේතුවෙන් එම 10 දෙනා තුවාල ලබා ඇත.
    තුවාල ලැබූ අයගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් ඔවුන් ඊයේ රාත්‍රීයේ රෝහල්ගත කළ නමුත් මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වනවා.

    Latest News