ප්‍රතිපත්ති පොළී අනුපාතය ගැන මහ බැංකුව ගත් අලුත්ම තීරණය

සැප් 27, 2024
    ශ්රී ලංකා මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ඊයේ පැවති රැස්වීමකදී තීරණය කර තිබෙනවා.

    මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමටයි ඒ අනුව තීරණය කර ඇත්තේ.

    මධ්ය කාලීනව උද්ධමනය සියයට 5 ක ඉලක්කයක් සමග සමපාත වන අතර ආර්ථිකය සක්රීය කිරීමේ අරමුණෙන් දේශීය හො ගෝලීය පෙරමුණුවල මෑත කාලීන හා අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයක් සහ වියහැකි අවදානම් සහ අවිනිශ්චිතතා හොඳින් සලකා බැලීමෙන් අනතුරුව,ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණඩලය මෙම තීරණයට එළඹ තිබෙනවා.
     
    එහි උපරිම විභවය කරා ළඟා වීමට ඉදිරි කාර්තු කිහිපය තුළ උද්ධමනය සියයට 5 ක ඉලක්කයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතිනු ඇති බව එම මණ්ඩලය නිරීක්ෂණය කර තිබෙනවා.
     
    නුදුරු කාලීනව අවධමනයක් වාර්තා කිරීමේ හැකියාව ද පවතින බවයි මුදල් ප්රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර ඇත්තේ.
     
    මෑත කාලීනව සිදු වූ විදුලි ගාස්තු, ඉන්ධන සහ එල්.පී. ගෑස් මිල ගණන් මෙන්ම වාෂ්පෂීලී ආහාර මිල ගණන්වල සමස්ත පහත වැටීමත් සමග ශීර්ෂ උද්ධමනය සැලකිය යුතු ලෙස ලිහිල් වුණා.
    පවතින ඉල්ලුම් තත්වයන් පිළිබිඹු කරන මූලික උද්ධමනය ද මන්දගාමී වේගයකින් වුවද මධ්යස්ථව පැවතුනා.
     
    ඒ අනුව මූලික උද්ධමනය සාමාන්යයෙන් පවතින මට්ටම්වලට ආසන්නව පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
     
    ඉදිරි මාසවලදී කැපී පෙනෙන ආන්තිකයකින් ශීර්ෂ උද්ධමනය ඉලක්කයට වඩා පහළින් පැවතිය හැකි බව නවතම ප්රක්ෂේපණ තහවුරු කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
     
    ප්රතිපත්ති ක්රියාමාර්ග මගින් අනුග්රහය දක්වනු ලබන අතර උද්ධමනය 2025 දෙවන භාගය වනවිට හැකි අධි ප්රමාණයකින් පසු මධ්ය කාලීනව සියයට 5 ක ඉලක්කගත මට්ටම සමග ක්රමයෙන් සමපාත වනු ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා.

    Latest News